එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නීත්‍යානුකූල ආසනය ප්‍රතිෂ්ඨාපනය වෙනුවෙන් ශ්‍රී ලංකාව චීනය වෙත ලබාදුන් සහාය චීනය කිසිදු විටෙක අමතක නොකරන බව චීන ජනාධිපති ජී ෂින්පිං අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවති දුරකථන සාකච්ඡාවකදී චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වීම, එකිනෙකාගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ගෝලීය යුක්තිය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එකිනෙකාට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමග දිගටම කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවය.
චීනය ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර සැපයීම, ගුවන් සේවා සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්රවල සහයෝගීතාව පවත්වා ගෙන යාම සහ අනෙකුත් සහයෝගීතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බවද ෂී සඳහන් කළේය.
එමෙන්ම පශ්චාත් වසංගත යුගයේදී බෙල්ට් ඇන්ඩ් රෝඩ් සහයෝගීතාව ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වීමට චීනය ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද චීන නායකයා පැවසීය.
මේ අතර චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති චීනයට සුබ පැතූ අතර වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීනය ලබා ඇති ජයග්‍රහණ සහ එහි ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව ප්‍රශංසා කළේය.
එමෙන්ම දරිද්‍රතාවය අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ එහි ජනතාවට ප්රතිලාභ සැලසෙන පරිදි යටිතල පහසුකම් ඉදිකිරීම, සංචාරක කර්මාන්තය සහ යනාදිය සඳහා සහයෝගීතාව පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.