චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්ධන එන්නතෙහි පළමු එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ ගෝලීය එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන COVAX ව්‍යාපෘතියට නැව්ගත කිරීම ආරම්භ කර තිබේ.
එහිදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් මිලදී ගත් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 567,600ක් හෙට (30දා) ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් වෙත ළඟාවීමට නියමිත අතර, මෙම වැඩසටහන තුළින් ගෝලීය වශයෙන් කොවිඩ්-19 එන්නත් සාධාරණ හා ප්‍රවේශ විය හැකි ලෙස බෙදා හැරීම පහසු කෙරෙනු ඇත.
COVAX පහසුකමෙහි අරමුණ වන්නේ 2021 අවසානය වනවිට ගෝලීය වසංගතයේ උග්‍ර අවධියට පිළියම් යෙදීම සහ ආදායම් මට්ටම නොසලකා ඒ හා සම්බන්ධ වන සියලුම රටවල් සහ ප්‍රදේශ සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා වේගවත් හා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම බව යුනිසෙෆ් සංවිධානය පවසයි.