චීනයේ වූෂී බයෝලොජීක්ස් සමාගම විසින් වසර අවසානයේදී ජර්මනියේදී කොවිඩ්-19 එන්නත් නිපදවීමට සැලසුම් සකස් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
චීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.
ඒ අනුව ජර්මානු බලධාරීන්ගේ අනුමැතිය ලද වහාම කොවිඩ්-19 එන්නත් සහ අනෙකුත් ජීව විද්‍යාත්මක නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කිරීමට වූෂී බයෝලොජික්ස් සමාගම බලාපොරොත්තුවෙන් සිටියි.