චීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.
"ලොව පුරා එන්නත් සමානව බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම සඳහා අපි අනෙකුත් පාර්ශවයන් සමඝ අඛණ්ඩව කටයුතු කරන අතර වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු රටවල් සමල අත්වැල් බැඳගෙන සිටිනවා." ඔහු පැවසීය.
පෙබරවාරි 25දා වනවිට චීන සමාගම් තුනක් කොවිඩ්-19 එන්නත් නිපදවා ඇති අතර, සීනොෆාම්, සිනොවැක් සහ කැන්සිනෝද ඇතුළුව, පළමු සමාගම් දෙක සඳහා දැනටමත් රට තුළ වාණිජමය අනුමැතිය ලැබී තිබේ. අනෙක් දෙකට වඩා වෙනස්ව, කැන්සිනෝ හි කොවිඩ්-19 එන්නත තනි මාත්‍රාවක් එන්නතකි.
බටහිර එන්නත් සාදන්නන්ගේ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ප්‍රමාදය බොහෝ රටවල වසංගතයට එරෙහි සටනට බාධා කිරීම නිසා ලොව පුරා රටවල් ගණනාවක් චීන කොවිඩ්-19 එන්නත් වෙත යොමුව ඇති බව චින විදේශ අමාත්‍යාංශය පවසයි.
කොවිඩ්-19 එන්නත ගෝලීය ප්‍රවේශ වන COVAX පහසුකම යටතේ කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 10 ක් ලබාදීමට චීනය පෙබරවාරි මාසයේ දී පොරොන්දු වූ බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.