චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛනවලට අනුව චීනය පසුගිය සිකුරාදා වන විට කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 133.8ක් රට පුරා ලබා දී තිබේ.
ඒ අනුව ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.
මේ අතර, එන්නත් මාත්‍රා 215,000ක් ලබා ගැනීමෙන් මසකට පසු යුක්රේනය චීනයේ සීනොවැක් මාත්‍රාව අනුමත කර ඇති බවද වාර්තා වෙයි.