චීන ප්‍රධාන භූමියේ කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ලබා ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.1ක් හෝ එහි ජනගහනයෙන් 78%ක් වූ බව නවතම නිල දත්ත පෙන්නුම් කරයි.
ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව සෙනසුරාදා දිනය වනවිට එරට තුළ බිලියන 2.17කට වැඩි මාත්‍රා ප්‍රමාණයක් පරිපාලනය කර ඇත.
ඒ අනුව වසර අවසානය වනවිට සිය ජනගහනයෙන් 80%කට එන්නත් ලබා දීමේ ඉලක්කයට සමීප වන "සන්ධිස්ථානයක්" චීනය විසින් ලබාගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කළේය. බිලියනය ඉක්මවූ එන්නත්කරණය සැලකිය යුතු ජයග්‍රහණයක් බව එම වාර්තාව තවදුරටත් පැවසීය.
"චීනයේ එන්නත්කරණය නිරපේක්ෂ වශයෙන් ලොව සෙසු රටවල්වලට වඩා ජාතික වශයෙන් ඉදිරියෙන්ම පසුවෙනවා" ෆෝචූන් බ්‍රහස්පතින්දා වාර්තා කළ අතර, දේශීය වසංගත ඇතිවීම වැළැක්වීම සඳහා චීනය තවමත් දැඩි නිරෝධායන පියවර ක්‍රියාත්මක කිරීමද අගය කළේය.
ලෝකය දත්තවලට අනුව, සෙනසුරාදා වනවිට එක්සත් ජනපදය සහ ජපානය ඔවුන්ගේ ජනගහනයෙන් 50%කට වඩා වැඩි පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය වැනි සමහර යුරෝපීය රටවල පූර්ණ එන්නත් කිරීමේ අනුපාතය 60% ඉක්මවා ඇත.
නමුත් මෙම රටවල එන්නත් ව්‍යාපාරයන් බොහෝමයක් අඩපණ වී ඇත්තේ එන්නත් විරෝධී උද්ඝෝෂණ ඇවිලීම නිසාය. මෙම බෙහෝ යුරෝපීය රටවලට එම විරෝධතා මැඬපවත්වමින් එන්නත් පිළිබඳ ජනතා විශ්වාසය ඇති කිරීම දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, යම් යම් කොන්දේසි යටතේ ආකෘති නිර්මාණ අධ්‍යයනයන් තුළින් පෙන්නුම් කර තිබුණේ, කොවිඩ්-19 සම්ප්‍රේෂණය වැළැක්වීම හෝ නැවැත්වීම සඳහා ජනගහනයෙන් 60%ත් 70%ත් අතර ප්‍රමාණයක් ප්‍රතිශක්තිකරණය කළ යුතු බවය.
ප්‍රජා ප්‍රතිශක්තිය සාක්ෂාත් කර ගැනීම රඳා පවතින්නේ එන්නතවල ඵලදායීථාව සහ වෛරස් සම්ප්රේෂණතාව මත බව චීනයේ ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් අගෝස්තු මාසයේදී පැවති පස්වැනි චීන-අරාබි රාජ්‍ය ප්‍රදර්ශනය යටතේ පැවති සම්මන්ත්‍රණයකදී පැවසීය.