කොවිඩ්-19 වසංගතය හැකි ඉක්මනින් ලොවෙන් තුරන් කරමින්, එය පාලනය කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට උපකාර කිරීමටත්, එන්නත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යන බවටත් වූ පොරොන්දුව ඊයේ (23දා) චීනය විසින් නැවත තහවුරු කර තිබේ.
බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල් 21ක් චීන කොවිඩ්-19 එන්නත් ආනයනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්, සමහරුන්ට දැනටමත් නැව්ගත කිරීම් ලැබී ඇති බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව වැන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, සෙනෙගල් සිය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කිරීමේ ව්‍යාපාරය අඟහරුවාදා ආරම්භ කළේ චීනයේ සීනොෆාම් වෙතින් මාත්‍රාව 200,000ක් ලබා ගනිමිනි. මුලින්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ ඇමතිවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදුන් අතර, කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීම් ආරම්භ කළ බටහිර අප්‍රිකානු කලාපයේ පළමු වැනි රට බවටද එය පත්විය.
එමෙන්ම චීන එන්නත් මිලදී ගත් යුරෝපීය සංගමයේ පළමුව රට ලෙස හංගේරියාව සීනොෆාම් වෙතින් මිලදී ගත් එන්නත් ලබාදීම අද (24දා) ආරම්භ කරන බව එරට රජය කියා සිටියේය. එසේම චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත්වල දෙවැනි කාණ්ඩය අඟහරුවාදා ඊජිප්තුවට ලැබී තිබුණි.
මීට අමතරව සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 768,000ක පළමු කාණ්ඩය ඩොමිනිකා රාජ්‍ය වෙත අද (24දා) ලැබී තිබුණු අතර, සීනොවැක් කොවිඩ්-19 එන්නත්වල පළමු කාණ්ඩය තායිලන්තයටද අද (24දා) ලැබී තිබුණි.