චීනයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාව මිලියන 75කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු පවසයි.
චීනය නිල වශයෙන් මහා පරිමාණ එන්නත් ලබාදීම ආරම්භ කළේ වෛද්‍ය වෘත්තිකයන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, විදේශයන්හි සේවය කරන හෝ ඉගෙන ගන්නා පුද්ගලයින් සහ සිසිල් දාම කර්මාන්ත ශාලාවල සේවකයින් ඇතුළු ඉහළ අවදානම් කණ්ඩායම් වෙතය.
මෑත මාසවලදී, රටේ සමහර කලාපවල වයස අවුරුදු 60ට වැඩි සහ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ටද එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර, වැඩිහිටියන් සඳහා එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය වේගවත් වෙමින් පවතින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
චීනයේ වර්තමාන එන්නත් කිරීමේ ව්‍යාපාරය මුලින් වයස අවුරුදු 18ත් 59ත් අතර අය ආවරණය කරයි.
"එන්නත්වල ඵ ලදායීතාවය සහ ආරක්ෂාව පිළිබඳ සායනික අත්හදා බැලීම්වලින් ප්‍රමාණවත් දත්ත ලබාගැනීමෙන් පසුව අපි වැඩිහිටියන්ට විශාල වශයෙන් එන්නත් කිරීම ආරම්භ කරනවා" යනුවෙන් ඔහු පැවසීය.
චීනය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සිදුකරමින් තිබුණද, බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක්වූවද මුඛ ආවරණ පැලඳීම ඇතුළු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.