කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන අද ලෝකය මුහුණ දෙන වඩාත්ම වැදගත් කාර්ය වන අතර, සටන ජය ගැනීම සඳහා වඩාත් ප්‍රබල ආයුධයක් ලෙස එන්නත සැලකෙයි. ඒ අනුව ලොවපුරා එන්නත් සමානව බෙදා හැරීම සඳහා චීනය විශාල වගකීමක් දරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිලකට එන්නත් ප්‍රවේශය ලබාදී ඇති බව පවසයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන්ට කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 300,000ක් පරිත්‍යාග කිරීමට චීනය ගත් තීරණය විශේෂත්වයක් ගන්නා අතර, මෙය චීනයේ එන්නත් ගෝලීය මහජන යහපතක් බවට පත්කිරීමේ තවත් පියවරක් වන බවත්, චීනයේ ස්ථිර සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය සහ බහුපාර්ශ්විකත්වය පිළිබඳ නිරූපණයක් බවත් ඔවුන් කියයි.
අද වනවිට චීනය රටවල් රැසකට සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට එන්නත් ආධාර ලබා දී ඇත. චීනයේ එන්නත්වලින් වැඩි වශයෙන් රටවල් සහ ජනතාව ප්රතිලාභ ලබමින් සිටින බවද සඳහන් කරයි.
එමෙන්ම ලොව ඉහළම ජනගහනයක් සිටින රට ලෙස එන්නත්කරණය වේගවත් කිරීම හරහා 2022 මුල් භාගය වනවිට චීනයට කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි බව චීන සෞඛ්‍ය විශේෂඥයන් විශ්වාසය පළ කරයි.
"2022 මුල් භාගය වනවිට හෝ 2021 අවසන් වනවිට චීනයේ එන්නත් කිරීමේ අනුපාතය 70% සිට 80% දක්වා ළඟා විය හැකි යැයි මා විශ්වාස කරනවා. එමඟින් මූලික වශයෙන් ප්‍රජා ප්‍රතිශක්තිය ළඟා කරගත හැකියි" යනුවෙන් චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ගාවෝ ෆු පැවසීය.
වෛරසයේ ප්‍රභේද ඇති කරන ස්වභාවය හේතුවෙන් නව කොරොන වෛරසය සඳහා වන සම්ප්‍රේෂණ දර්ශකය මත පදනම්ව 70%ත් 80%ත් අතර එන්නතක් ලබා දීමට රට දැන් අපේක්ෂා කරන බව ගාවෝ පැවසීය.
චීනය දැනටමත් දැවැන්ත කොවිඩ්-19 මර්දන එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, මාර්තු 20දා මධ්‍යම රාත්‍රිය වනවිට රට තුළ එන්නත් මාත්‍රා මිලියන 75කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබූ බවද ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.