චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමේ ඉතිරි ප්‍රමාණය වන ඇ.ඩො.මිලියන 300කට ආසන්න මුදලක් නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම ලැබීමත් සමග චීන සංවර්ධන බැංකුවේ ඇ.ඩො.බිලියන 1.3ක ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම සම්පූර්ණ වන බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සැලසෙන බවද කියයි.
එසේම රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.