චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත තොගයක් ඊයේ (21දා) රාත්‍රියේ බෙනින්හි වාණිජ නගරය වන කොටොනූ වෙත පැමිණ තිබේ.
තීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැටින්, එන්නත භාරදීම දෙරට අතර මිත්‍රත්වයේ සන්ධිස්ථානයක් බව පැවසීය.
මේ අතර චීනයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් සමූහයක් ඊයේ (21දා) දිනයේදී නයිගර් වෙත පැමිණියේ බටහිර අප්‍රිකානු රටට ලැබුණු පළමු එන්නත් තොගය ලෙසිනි.