ගෙවුණු සතියේදීත් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 17%කින් පහත වැටී ඇති අතර, එය අඛණ්ඩව ආසාදන පහළ වැටුණු සිව්වැනි සතිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් විසින් ඊයේ (11දා) සිය කොවිඩ්-19 මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව අනාවරණය කළේය.
ටෙඩ්රොස් අනාවරණය කළේ ඊට පෙර සතියට සාපේක්ෂව ගෙවීගිය සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාවද 10%කින් අඩුවී ඇති බවයි.
"මෙම අඩුවීමට හේතු වී ඇත්තේ රටවල් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම නිසයි" ටෙඩ්රොස් පැවසීය.
"නමුත් මතක තබා ගන්න, අපි මීට පෙරත් මෙවැනිම සුබවාදී තත්ත්වයක් අත්විඳ තිබෙනවා. ඒ නිසා දැන්ම පියවර ලිහිල් කිරීමට හෝ අපෙන් කිසිවෙකුවත් අපගේ ආරක්ෂාව අත්හැරීමට මෙය කාලය නොවෙයි." අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා සිටියේ වෛරසය පාලනය කිරීම සඳහා ගෝලීය වශයෙන් වඩාත් සාමූහික ප්රයත්නයක් දරන ලෙසයි.
"වෛරසය විකෘති වෙමින් නව ප්රභේදයන් මතුවන සෑම අවස්ථාවකම අප ලෝකයේ කොතැනක සිටියත් අපගේ එන්නත්, ඖෂධ සහ පරීක්ෂණවල ඵලදායීතාවය බොඳ කිරීමට එයට හැකියාවක් තිබෙනවා" ඔහු පැවසීය.