ජනවාරි සහ පෙබරවාරි මාසවලදී සති 6ක කාලයක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ පහත වැටීමෙන් පසුව, අඛණ්ඩව සති හතරක් ආසාදිතයන් වැඩිවෙමින් පවතින බවත්, මරණ සංඛ්‍යාව තවමත් අඩුවෙමින් පවතින නමුත් මන්දගාමී අනුපාතයකින් එය සිදුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවා තිබේ.
එන්නත්කරණය ආරම්භ කර ජනවාරි සහ පෙබරවාරි මාස වන විට මේ ආකාරයෙන් ආසාදනවල පැහැදිලි අඩුවීමක් දැකගත හැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳහන් කළේය. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඇතැම් රටවල එන්නත්කරණය සමග තම සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි කණස්සල්ල පළ කළේය.
එමෙන්ම වසංතය හමුවේ එන්නත්කරණය යනු එක් අවියක් පමණක් බව දිගින් දිගටම අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය සෙසු අවි ලෙස මීට පෙර සිටම ජනතාව නැඹුරු වී සිටි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන්, එනම් මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථකරණය පැවැත්වීම තවදුරටත් සිදුකිරීමේ වැදගත්කම පුණ පුණ කියා සිටියේය.
දැනට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වෛරසයේ වෙනත් ප්රභේදයන් මේ ආකාරයෙන් වසංගතයේ තෙවැනි රැල්ල ආරම්භ කරමින් ඇති පසුබිමක අඛණ්ඩ එන්නත්කරණය මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලිහිල් කිරීමකින් තොරව පවත්වාගෙන යෑමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.