ඉන්දියාවේ කොවිඩ්-19 හි භයානක හා වාර්තාගත ආසාදන එරට ආර්ථික ප්‍රකෘතිය නැවැත්වීමට හා වැදගත් ගෝලීය කර්මාන්ත කිහිපයක් වෙත දැඩි කම්පනයක් ඇති කර තිබෙන බව කියයි.
ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය මෙම විනාශකාරී ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටියි. සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත නව ආසාදිතයන් වාර්තා වන අතර, ආර්ථික විද්‍යාඥයන් මේ වසරේ ද්වි-ඉලක්කම් වර්ධනය සඳහා ඔවුන්ගේ පුරෝකථනයන් ගැන නැවත සිතා බලමින් සිටියි. රජය විසින් පසුගිය වසරේ සිදුකළ අගුලුදැමීම් හරහා ඇද වැටුණු ආර්ථිකය මේ දෙවැනි ආසාදන රැල්ල සමග දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බව කියයි.
බොහෝ කලාපයන් තමන්ගේම දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කර තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රටට තවත් අගුලු දැමීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසාය. නමුත් ඉන්දියාව මත යැපෙන ගෝලීය කර්මාන්ත කිහිපයක්ම මේ සිදුවීම් දෙස කනස්සල්ලෙන් බලා සිටියි. අර්බුදය ගැඹුරු වුවහොත්, නිමි ඇඳුම් හා ඖෂධවල සිට මූල්‍ය සේවා සහ ගෝලීය ප්‍රවාහනය දක්වා සෑම දෙයක් වෙතම තර්ජන එල්ල වීම නොවැළැක්විය හැකිය.
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනයේ ලෝක සමුළුවට අනුව, ලෝක භාණ්ඩ වෙළෙඳාමෙන් 80% ක් පමණ නැව් මගින් සිදුකරනු ලබන අතර ඉන්දියාව ඔවුන්ගේ කාර්ය මණ්ඩල බොහොමයක් සපයයි.
ගෝලීය වශයෙන් ඇස්තමේන්තුගත මුහුදු යාත්‍රා මිලියන 1.7න් 200,000කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ සිට පැමිණි බව ජාත්‍යන්තර නැව් මණ්ඩලයේ මහලේකම් ගයි ප්ලැටෙන් පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිල කුසලතා සහ වැදගත් කුසලතා අවශ්‍ය වන භූමිකාවන් ඇත. ඒ අනුව මෙය නාවිකයන්ගේ හිඟයක් සමග ලෝකයේ සැපයුම්දාමයට දැඩි බලපෑමකි.
බොහෝ රටවල් ඉන්දියාවෙන් ගුවන් ගමන් තහනම් කර ඇති හෙයින්, ඉන්දියානු කම්කරුවන් ලොව පුරා වරායන් වෙත ගෙනයාමට දැනටමත් නොහැකි අතර, කාර්ය මණ්ඩලය මාරු කිරීම අපහසු වී තිබේ.
ලොව විශාලතම බහාලුම් නැව්ගත කිරීමේ සමාගම වන මාස්ක් හි සමුද්‍ර සම්බන්ධතා අංශ ප්‍රධානී රෙනේ පියල් පෙඩර්සන් බලාපොරොත්තු වන්නේ රටවල් නිත්‍ය සංචාරකයින් සහ නාවිකයින් අතර වෙනස හඳුනා ගැනීම ආරම්භ කරන බවයි. එසේ නොවුවහොත්, ලෝක භාණ්ඩ ප්‍රවාහනයට බරපතල තර්ජනයක් මෙන්ම මානුෂීය අර්බුදය යන දෙකටම ලෝකයට මුහුණ දිය හැකි බව ඔහු පැවසීය.
"එය ඔවුන්ගේ මානසික සුභසාධනයට විශාල හානියක් වනු ඇති" පෙඩර්සන් පවසයි. ඔවුන්ගේ සමාගම ඉන්දියාවේ සිට සිය නාවිකයින්ගෙන් 30% ක් සේවය කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, හොංකොං ආදී සමහර ස්ථාන දැනටමත් ඉන්දියානු වරායන්ගෙන් පැමිණෙන යාත්‍රා සඳහා දැඩි නිරෝධායන සීමාවන් පනවා ඇත. විශේෂඥයන් පවසන්නේ නාවිකයින්ට එන්නත් කිරීම විසඳුමක් විය හැකි නමුත් එය ක්‍රියාත්මක කිරීමට අපහසු බවය.