ගෝලීය ගස් විශේෂයන්ගෙන් තුනෙන් එකක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත්, තවත් ගස් විශේෂ සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අද්දරට පැමිණ ඇති බවත් උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය (BGCI) විසින් ප්‍රකාශයට පත් කළ සුවිශේෂී වාර්තාවකින් හෙළි කෙරිණි.
ඒ අනුව සමස්තයක් වශයෙන් තර්ජනයට ලක්ව ඇති ගස් විශේෂ සංඛ්‍යාව තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ උරගයින්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයක් බව වාර්තාව පවසයි.
උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත්, "මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා." යැයි පැවසීය.
අග්නිදිග ආසියානු වැසි වනාන්තර වල බහුලව දක්නට ලැබෙන මැග්නෝලියා සහ ඩිප්ටොකාර්ප්ස් ඇතුළු විශේෂ අවදානම් සහිත ගස් අතර වේ. ඕක් ගස්, මේපල් ගස් සහ ඉබොනි වෘක්ෂයන්ද තර්ජනයට මුහුණ පා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
ගස් ස්වාභාවික පරිසර පද්ධතියට ආධාර කරන අතර ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකේ. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.
"සෑම ගස් විශේෂයක්ම වැදගත් වෙනවා. මේ වෘක්ෂයන් මත යැපෙන මිලියන ගණනකට සහ ලොව පුරා සිටින මිනිසුන්ට මේ සෑම ගසක්ම වැදගත්" ස්මිත් පැවසීය.
ගස් විශේෂ මුහුණ දෙන ප්‍රධාන තර්ජන තුන නම් බෝග නිෂ්පාදනයට වනාන්තර යොදා ගැනීම, දැව කැපීම සහ පශු සම්පත් සඳහා භාවිතයයි. එමෙන්ම දේශගුණික විපර්යාස සහ දැඩි කාලගුණික තත්ත්වයන්ද නැගීඑන තර්ජනයන් බව වාර්තාව පෙන්වා දෙයි.