ගෝලීය කොවිඩ් ආසාදිතයන් මිලියන 7ක සීමාව පසුකරයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදනය වීම මේ වනවිට මිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (08දා) උදෑසන දැක්වුණේ 7,006,436ක් වශයෙනි.
එමෙන්ම ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් ලෙස එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 3,140,718ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


-
දිනේෂාපිුුුයන්ති Monday, 08 June 2020 01:34 PM
ඉතාමත් හොද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
