කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ගෝලීය වශයෙන් ලක්ෂ 58 සීමාව ඉක්මවා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (29දා) අලුයම එම අගය දැක්වුණේ 5,803,416ක් ලෙසිනි.
එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 360,000 සීමාව වෙත පැමිණ ඇති අතර, එය අද (29දා) අලුයම දැක්වුණේ 359,791ක් ලෙසිනි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතයන්ගෙන් ලක්ෂ 24කට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. එම අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එම අගය දැක්වුණේ 2,413,576ක් වශයෙනි.