කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතව සිටින පිරිස මේ වනවිට ලක්ෂ 64ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (04දා) උදෑසන වනවිට එම අගය පැවතුණේ 6,399,230ක් වශයෙනි.
එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 384,463ක් ලෙස එම විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
මේ අතර වෛරසය ආසාදිව මේ දක්වා සුවය ලබා ඇති පිරිස 2,789,573ක් ලෙස ඉහළ ගොස් ඇති බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.