එක්සත් රාජධානියේ රජය විසින් පවත්වනු ලැබූ ගෝලීය එන්නත් සමුළුව ඉදිරි වසර පහ තුළ එන්නත් පර්යේෂණ සඳහා ඇ.ඩො.බිලියන 8.8ක් රැස්කර ඇති බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ (04දා) නිවේදනය කළේය.
ඒ අනුව එන්නත් පර්යේෂණ සඳහා අවම වශයෙන් ඇ.ඩො.බිලියන 7.4ක් රැස්කිරීම අරමුණු කරගත් මෙම උත්සවය එහි ඉලක්කය ඩොලර් බිලියනයකට වඩා ඉක්මවා යෑම විශේෂත්වයකි.
"ඉදිරි පස් වසර තුළ 'ගාවිගේ' වැදගත් පර්යේෂණ කාර්යයන් සඳහා ඇ.ඩො.බිලියන 8.8ක අතිවිශාල මුදලක් රැස්කර ගැනීමට අපට හැකිවුණා. මේ සඳහා සහාය දුන් සැමට බොහෝම ස්තූතියි" බොරිස් ජොන්සන් පැවසීය.
ගාවි යනු එන්නත් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සංවිධානයකි. එම සංවිධානයේ වෙබ් අඩවියට අනුව, 'ඊළඟ පරම්පරාව එන්නත් මගින් ආරක්ෂා කිරීම, රෝග අසමානතාවය අවම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත හා සමෘද්ධිමත් ලෝකයක් නිර්මාණය කිරීම" අරමුදල් රැස් කිරීමේ උත්සාහයේ අරමුණ වි තිබේ.
එක්සත් රාජධානිය, ගාවි සංවිධානය, යූකේ ඒඩ්, බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම, එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සංවිධානය කළ මෙම සමුළුවට රාජ්‍ය නායකයන්, විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සිවිල් සංවිධාන සම්බන්ධ වූයේ ජාලගතවය.
මෙම අරමුදල් රැස්කිරීමේ ප්රයත්නයෙන් මිලියන 8ක් පමණ ජීවිත බේරාගත හැකි අතර, ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා පද්ධති සඳහා සහාය වනු ඇතැයි ජොන්සන් පැවසීය.
"සාමූහික යුදමය ආරක්ෂාව ගොඩනැගීම සඳහා රටවල් සහයෝගයෙන් කටයුතු කරන නේටෝ වැනි විශාල ආරක්ෂක සන්ධාන ඇතිවා සේම, දැන් අපට අවශ්‍ය වන්නේ රෝගයේ පොදු සතුරාට එරෙහිව සහයෝගීතාවයේ සහ සාමූහික ආරක්ෂණයේ එකම ස්වභාවයක්. සුපරීක්ෂණයට සහ තොරතුරු හා දත්ත හුවමාරු කර ගැනීමට සහයෝගය දැක්වීමට නව ජාත්‍යන්තර උත්සාහයක් අවශ්‍ය වෙනවා. මේ දත්ත යනු ගෝලීය අනතුරු ඇඟවීමේ පද්ධතියකට යටත් විය හැකි රජයක් වන අතර, එමගින් අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම පිපිරීමක් අපට ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වේවි" යනුවෙන් ජොන්සන් වැඩිදුරටත් පැවසීය. මෙම සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අමතා තිබුණි.