ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග ඇමෙරිකාව පුරා හටගෙන තිබෙන විරෝධතා හේතුවෙන් එරට නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම තවදුරටත් ඉහළ දමා ඇති බව විශේෂඥයෝ පවසති.
විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවයක් පවත්වා නොගැනීම, ඇතැම් අය මුඛ ආවරණ නොපැළඳීම, අත් සේදීම ආදී නිසි සෞඛ්‍ය පුරුදු සිදු නොකිරීම සහ පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමද වෛරසය පැතිරීම ඉක්මන් කරනු ඇති බව එමරි විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ජේ වර්කි පවසයි.
විශේෂයෙන්ම සමූහ අත්අඩංගුවට ගැනීම් සහ කුඩා අවකාශයන්හි මිනිසුන් සිර කර තැබීම මගින්ද නව කොරෝනා වෛරසය මගින් අන් අයට ආසාදනය වීමේ අවදානම ඉතා බිහිසුණු ලෙස ඉහළ නංවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ගම්මිරිස් දියර වීදීම, කඳුළු ගෑස් සහ වෙනත් රසායනික කාරක මගින් මිනිසුන් දෑස් සේදීමට පෙළඹෙන අතර, එහිදී පෙලපාලිකරුවන් ආසාදනය වීමේ අවදානමට ලක්ව තිබේ.
මේ අවාසනාවන්ත තත්ත්වය සම මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති අතර, එය අද (07දා) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය දක්වා තිබුණේ 1,919,430ක් ලෙසිනි. එසේම ඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 109,791ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.