සෞදි අරාබියෙන් පැන ගොස් විදේශයක ජීවත් වූ මාධ්‍යවේදියෙකු වන ජමාල් කෂෝගි ඝාතනය කිරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් අනුමත කළ බව ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් අනාවරණය කරයි.
ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් නිකුත් කරනලද මෙම වාර්තාවෙන් කියැවෙන්නේ කෂෝගි අත්අඩංගුවට ගැනීමට හෝ ඝාතනය කිරීමට කුමරු කුමරු අනුමැතිය ලබාදී තිබූ බවයි.
මේ සමග එක්සත් ජනපදය සෞදි අරාබියේ පුද්ගලයන් රැසකට සම්බාධක නිවේදනය කළ නමුත් සල්මාන් කුමාරයාට එවැනි සම්බාධක දැමීමක් එක්වරම සිදුකර නැත.
කෙසේ වෙතත් සෞදි අරාබිය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් එය සෘණාත්මක, අසත්‍ය සහ පිළිගත නොහැකි වාර්තාවක් බව අවධාරණය කරයි.
රාජධානියේ පාලකයා වන ඔටුන්න හිමි කුමරු, .ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ.
තුර්කියේ ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයට යමින් සිටියදී කෂෝගි ඝාතනයට ලක්ව තිබුණි. 59 හැවිරිදි මාධ්‍යවේදියා වරෙක සෞදි රජයේ උපදේශකයෙකු හා රාජකීය පවුලට සමීපව කටයුතු කර ඇති නමුත්, ඔහු රාජකීයයන්ගෙන් වෙන්ව 2017 දී එක්සත් ජනපදයට පැන ගියේය.
එතැන් සිට ඔහු වොෂිංටන් පෝස්ට් හි මාසික තීරු රචකයෙකු ලෙස සල්මාන් කුමරුගේ ප්‍රතිපත්ති විවේචනය කළේය.
කෙසේ වෙතත් වත්මන් නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් මේ වනවිට ඇමෙරිකානු හස්තය ලෝකයේ නොයෙක් රටවල අභ්‍යන්තර කරුණු කෙරෙහි යළිත් අතපෙවීම හා මෙහෙයවීම අරඹා ඇති බව විද්‍යමාන වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.