ජර්මනියේ තෙවැනි කොවිඩ්-19 රැල්ලක් ඇතිකරමින් ආසාදන ඉහළ යෑම පාලනය සඳහා එරට රජය ගෙන ඇති කොවිඩ්-19 නවතම සීමාවන්ට එරෙහිව විරෝධතාවක් පැවැත්වී තිබේ.
ඒ අනුව මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.
කොවිඩ්-19 පාලන සීමාවන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජර්මනියේ උණුසුම් විවාදයක් ඇති වී තිබෙන අතර, චාන්සලර් ඇන්ජෙලා මර්කල් බ්‍රහස්පතින්දා ජර්මානුවන්ගෙන් ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා නිවසේ රැඳී සිටින ලෙසත්, කොරෝනා වෛරස් වසංගතයේ තුන්වන රැල්ල මැඩපැවැත්වීම සඳහා අඩු පිරිසක් හමුවන ලෙසත් ය.