උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි මීරට් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලකදී කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ රුධිර සාම්පල එකතුවක් වඳුරු කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ රෝහලේ කොවිඩ්-19 වාට්ටුව සමග වැඩ කරන විද්‍යාගාර සහායකයකු පරීක්ෂණ සඳහා රුධිර සාම්පල රැගෙන යමින් සිටියදී බව ලාලා ලජ්පාත් රායි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ධිරාජ් බාලියන් සඳහන් කරයි.
එහිදී වඳුරන් විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගොස් ඇති බව වෛද්‍ය බාලියන් වැඩිදුරටත් පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (30දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 173,491ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 4,980කි.