දිල්ලි මහඇමති අරවින්ද් කෙජ්රිවාල් නව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ (08දා) නවදිල්ලියේ පිහිටි සිය නිල නිවසේදී ස්වයං හුදෙකලාවට යොමුව තිබේ.
එහි ප්‍රකාශක සංජේ සිං පැවසුවේ ඉරිදා සවස සිට මහ ඇමතිවරයාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.
"51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි. ඔහු අද (09දා) කොවිඩ්-19 පරීක්ෂණයකට භාජනය කරනු ඇති" සිං වැඩිදුරටත් පැවසීය.
මේ අතර වැඩිදුර දැනුම්දෙන තුරු මහ ඇමතිවරයා සමග පැවති සියලු රැස්වීම් අත්හිටුවා ඇති බවද හෙතෙම පැවසීය.
දිල්ලියේ මිලියන 19ක ජනගහනයක් සිටින අතර, ඊයේ උදෑසන වනවිට දිල්ලියෙන් මරණ 761ක් ඇතුළුව කොරෝන වෛරස් ආසාදිතයන් 27,654ක් වාර්තා වී තිබුණි.