නාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ අපද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ සාම්ප්‍රදායික පරීක්ෂණවලදී කොවිඩ්-19 පෙළපත් පිළිබඳ මෙම සැලකිය යුතු සාක්ෂි අනාවරණය වී ඇත.
නිව්යෝක් නගර විශ්ව විද්‍යාලයේ කණ්ඩායම (CUNY) සිය සොයා ගැනීම සඳහා ප්‍රධාන අවස්ථා තුනක් ඉදිරිපත් කරයි.
1) පරීක්ෂණ සාම්පල වැඩිපුර එකතු කරන නාසය සහ උගුර වෙනුවට මෙම විශේෂිත රෝග කාරක මිනිස් බඩවැලේ සංකේන්ද්‍රණය වීමක් ගැන කියයි.
2) වෛරසය ප්‍රධාන වශයෙන් සිටින්නේ වෙනත් කණ්ඩායම්වලට වඩා අඩු වාර ගණනක් පරීක්ෂා කරන රෝග ලක්ෂණ නොමැති, නිදන්ගත අසනීප හෝ වැඩිහිටි යන පුද්ගල කාණ්ඩ තුළ විය හැකිය.
3) වෛරසය සත්ත්ව ගහණයෙන් මලාපවහන වෙත යන මාවත සොයමින් සිටින බවද කියයි.
මින්ක් සහ සිවට් බළලුන් වැනි ක්ෂීරපායින්ගේ ජනගහනය තුළ කොවිඩ්-19 වේගයෙන් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. ගෘහස්ථ සුනඛයන් සහ බළලුන් තුළද රෝගීන් හඳුනාගෙන ඇත.
සිය තුන්වැනි උපකල්පනයට සහාය දක්වමින්, කූනි පර්යේෂණ කණ්ඩායම සොයාගත්තේ ඔවුන් එකතු කළ වෛරස් සාම්පල නගරය තුළ සුලභව දක්නට ලැබෙන සතුන්ට එනම් බළලුන්, බල්ලන් සහ මීයන් වැනි ආසාදනයට ගොදුරු විය හැකි බවයි. මීට අමතරව, නව පරීක්ෂණයන්හි සමහර ස්ථානවල මීයන් සිටින බවට වෙනම පරීක්ෂා කිරීමෙන් තහවුරු වී තිබේ.
පෙළපතක සහ ප්‍රභේදයක වෙනස කුමක්ද?
පෙළපත යන්නෙන් අදහස් කරන්නේ වෛරස් සාම්පලයේ මුතුන් මිත්තන්ගෙන් විකෘති හුවමාරු වී ඇති නමුත් එය නව වෛරස් වර්ගයක් හෝ ප්‍රභේදයක් නොවන බවයි. එය බොහෝ දුරට වෛරස්වල ඇති කුඩා වෙනස්කම් පිළිබඳ සොයා බැලීම සඳහා විද්‍යාඥයින් විසින් වාර්තා තබාගැනීමේ තාක්ෂණයකි.
ප්‍රභේදයක් යනු හවුල් වර්ගයේ විකෘති සහිත වෛරස් සමූහයකි. නමුත් එය මුතුන් මිත්තන් ගැන සඳහන් නොකරන බැවින් එම විකෘති විවිධ ජනගහනයන් තුළ සිදුවිය හැකි අතර, ඒවා පෙළපත මෙන්, සම්බන්ධතාවක් තිබිය යුතු නොවේ.
නිව්යෝක් නගරයේ පාරිසරික ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයන ලද මෙම පර්යේෂණ තවමත් සමාලෝචනය කර නොමැති අතර, සමහර වෛරස්වලට වඩා මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරවලට කොරෝනා වැඩි ප්‍රතිරෝධයක් දැක්විය හැකි බව කියයි.
"මෙම නව පෙළපත් මහජන සෞඛ්‍යයට අදාළ විය හැකි අතර වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය වෙනවා" යනුවෙන් පර්යේෂකයෝ නිගමනය කළහ.