කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව දැඩි බලපෑමකට නතුව, තවත් රටවල් කිහිපයකම ආසාදිතයන් තවදුරටත් ඉහළ අගයක් ගන්නා පසුබිමක, කලාපයේ වසංගත අවදානම තවදුරටත් සැලකිය යුතු මට්ටමක පවතින බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව අද (22දා) උදෑසන වනවිට එම දත්තවලට අනුව ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වී තිබේ.
මෙහිදී ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල් අතර තෙවැනි තැනට පසුවන ඉන්දියාවේ ආසාදිත වක්‍රය තවදුරටත් ඉහළ නැගීමක් පමණක් දැකිය හැකිය. පාකිස්තානයේ ආසාදිත වක්‍රයේ ක්රමික පහළ යෑමක් පෙන්නුම් කළත් තවදුරටත් දෛනික ආසාදිතයන් දහසත් දෙදහසත් අතර වාර්තා වෙයි. බංග්ලාදේශ ආසාදිත වක්‍රයේ සුළු පහළ යෑමක් පෙන්නුම් කරන අතර, එරට සාමාන්‍ය දෛනික ආසාදිතයන් 3,000ක පමණ සීමාවක වෙයි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ, නේපාලයේ ආසාදිත වක්‍ර ක්රමික පහළ යෑමක් පෙන්නුම් කර තිබීම තරමක් සුබවාදී වෙයි.
මේ වනවිට දකුණු ආසියානු කලාපයේ වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව සැලකීමේදී ඉන්දියාවෙන් මරණ 28,084ක්, පාකිස්තානයෙන් 5,639ක්, බංග්ලාදේශයෙන් 2,709ක්, ඇෆ්ගනිස්තානයෙන් 1,186ක් සහ නේපාලයෙන් 40ක් ලෙස වාර්තා වී තිබේ.