චීනය සම්පූර්ණයෙන්ම පාහේ කොවිඩ්-19 පාලනය කර ඇති පසුබිමක, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු වසංගතයේ මුල් අවධියේදී බොහෝ රටවල කොවිඩ්-19 ආසාදන අනුපාතය මන්දගාමී වී තිබුණත්, අන් කවරදාටත් වඩා වේගයෙන් තවත් රටවල් රැසක වෛරසය පැතිර යන බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව විශේෂයෙන් දකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව දැකගත හැකිය.
ගෝලීය වශයෙන්, සනාථ කරනලද ආසාදිත සිද්ධීන් දැන් දින හතක කාල සීමාව තුළ දිනකට 100,000කට වඩා වැඩි වන අතර, අප්‍රේල් මාසයේදී නව ආසාසදිතයන් එක් දිනක් තුළ 100,000 ඉක්මවා නැත. නමුත් ගෙවීගිය සතියේ තහවුරු වූ දෛනික සිද්ධීන් පසුගිය දින 10න් නවයක් තුළ ඉහළින්ම පැවතී ඇති අතර, එය බදාදා ආසාදිතයන් 130,400ක් ලෙස සටහන් විය.
මේ වනවිට බ්‍රසීලයේ ආසාදිත අගය 645,771ක්, රුසියාවේ 458,102ක්, ඉන්දියාවේ 246,622ක්, පේරු 191,758ක්, චිලී 127,745ක්, මෙක්සිකෝ 110,026ක්, සෞදි 98,869ක්, පාකිස්තාන 93,983ක් ලෙස වේගයෙන් ඉදිරියට පැමිණ තිබේ.