කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා උපාය මාර්ගික සැලැස්මක් දියත් කරන බවත්, ඒ සඳහා එහි සාමාජික රටවලින් ඩොලර් බිලියන 1.96ක් අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසන පරිදි මෙම සැලැස්මට අරමුණු හයක් පවතී.
ඒවා නම්, සම්ප්‍රේෂණය මැඬපැවැත්වීම, නිරාවරණය අඩු කිරීම, වැරදි තොරතුරු සැපයීම වැළැක්වීම, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම, මරණ හා රෝගාබාධ අවම කිරීම සහ එන්නත් ඇතුළු නව මෙවලම්, රෝග විනිශ්චයන් සහ චිකිත්සාවන් සඳහා සමාන ප්‍රවේශයක් වේගවත් කිරීම ආදියයි.
ටෙඩ්රොස් පැවසුවේ මෙම සැලැස්ම සැලසුම් කර ඇත්තේ වෙනත් අරමුදල් යාන්ත්‍රණයන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට මිස ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට හෝ අනුපිටපත් කිරීමට නොවන බවයි.
ලොව පුරා පසුගිය අඟහරුවාදා වනවිට දින 7ක සාමාන්‍ය ආසාදන 351,335ක් වන අතර, එය ජනවාරි 7දා වාර්තා වූ දින 7ක සාමාන්‍ය වන ආසාදන 863,737ක අගය සමග සැසඳීමේදී සැලකිය යුතු පහළ යෑමකි.
එමෙන්ම ජනවාරි 26දා දෛනික කොවිඩ්-19 මරණ 17,649 ක් වාර්තා වූ අතර, එය පෙබරවාරි 16දා 10,957ක් දක්වා පහත වැටීමද සැලකිය යුතු ලෙස මරණ අනුපාතයේද අඩුවීමකි.
මේ වනවිට රටවල් 85ක් කොරෝනා වෛරසයට එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර, අවම වශයෙන් මාත්‍රාවන් 187,892,000ක් ලබා දී ඇති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.