කොවිඩ්-19 වෛරසය වවුලන්ගෙන් මිනිසුන්ට වෙනත් සතෙකු හරහා සම්ප්‍රේෂණය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එය විද්‍යාගාරයකින් කාන්දු වීමට කිසිසේත්ම අවස්ථාවක් නොමැති බවත් කොරෝනා සම්භවය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වාර්තාව පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සහ චීනයේ විශේෂඥයන් විසින් සිදුකළ අධ්‍යයනයට අනුව නිකුත් කෙරුණු කොවිඩ්-19 සම්භවය පිළිබඳ වාර්තාව අද (30දා) නිකුත් වී තිබේ.
මෙම අධ්‍යයනයේදී සිදුකළ සොයාගැනීම් මගින් වෛරසය මුලින්ම ඇති වූ ආකාරය පිළිබඳ නව අවබෝධයක් ලබාදී ඇත. එසේම පර්යේෂකයන්ගේ නිගමනවලට හේතු වූ කරුණු පිළිබඳව වාර්තාව වැඩිදුර විස්තර සපයා ඇත.
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් ඉදිරිපත් කරමින්, කොරෝනා වෛරසය වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවක් බවට ඉදිරිපත් කළ කල්පිතය මෙම අධ්‍යයන වාර්තාව හරහා බැහැර වී තිබේ.