ජපානය සියදිවි නසාගැනීම් ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා ඉහළ අගයක් ගනිමින්, කොවිඩ්-19 අවසංගතය සමග එම තත්ත්වය තවදුරටත් උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව 2020 දී වසර 11කට පසු ප්‍රථම වතාවට ජපානයේ සියදිවි නසාගැනීම් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එහිදී පිරිමි සියදිවි නසාගැනීම් සුළු වශයෙන් පහත වැටුණද, කාන්තාවන් අතර එම අනුපාතය 15%කින් පමණ ඉහළ ගොස් තිබේ.
එහිදී පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ජපානයේ කාන්තා සියදිවි නසා ගැනීමේ අනුපාතය 70%කට වඩා වැඩිවී තිබේ.