දෙවැනි එලිසබෙත් රැජින එක්සත් රාජධානියේ නව කොරෝනා වෛරසය අගුලු දැමීම ආරම්භ වූදා සිට මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, පසුගියදා ඇය අශ්වයෙකු පැද යන ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
වෛරසය හේතුවෙන් වින්ඩ්සර් මාලිගයේම රැඳී සිටි ඇය මාලිගයෙන් පිටතට පැමිණ විවේකීව ගත කර ඇති පළමු වැනි අවස්ථාවද මෙය බව කියයි.
94 හැවිරිදි වියේ පසුවන රැජින සිය පාලන කාලය පුරාවටම අශ්වයන් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ අතර, සති අන්තයේ ඇයට අයත් 14 හැවිරිදි ෆෙල් නම් වු අශ්වයෙකු ඇය මෙසේ පදවා තිබේ.
රට අගුලු දැමීමෙන් පසුව රැජින අවස්ථා දෙකකදී රූපවාහිනිය හරහා ජනතාව ඇමතූ අතර, එකක් නිරෝධායනය යටතේ පසුවූවන්ට අපි නැවත හමුවෙමු යනුවෙන්ද, අනෙක යුරෝපා යුද සැමරුම් දිනය සනිටුහන් කරන බව පැවසීමටය.
මහා බ්‍රිතාන්‍යය කොවිඩ්-19 වසංගතයෙන් ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන අතර, එරටින් අද (01දා) උදෑසන වනවිට කොවිඩ්-19 මරණ 38,571ක් වාර්තා වෙයි. එසේම එරට සමස්ත ආසාදිත අගය 276,156කි.