නව ප්‍රතිකාර හා එන්නත් මගින් කොවිඩ්-19 සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇති බවත්, දැන් සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් කොවිඩ්-19 සමග ජීවත් වීමට ඉගෙන ගත හැකි බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා තිබේ.
සෙනසුරාදා ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට අදහස් දක්වමින් හැන්කොක් කියා සිටියේ 2021 දී නව ඖෂධ පැමිණිය යුතු බවත්, ඒවා මගින් කොරෝනා වෛරසයට වඩාත් ප්‍රතිකාර කළ හැකි බවත්ය.
එන්නත් මගින් රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම, මරණ සංඛ්‍යාව අඩු කිරීම සහ වෛරසය සම්ප්‍රේෂණය කිරීම අඩු කිරීම සිදුකරන බව ඔහු පැවසීය.
"වසර අවසාන වනවිට කොවිඩ්-19 ප්‍රතිකාර කළ හැකි රෝගයක් බවට පත්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා" ඔහු පැවසීය.
"කොවිඩ්-19 සාමාන්‍ය උණ වැනි තත්ත්වයකට පත්වේ නම්, අපි අපගේ සාමාන්‍ය ජීවිත ගත කරන අතර එන්නත් හා ප්‍රතිකාර මගින් ආසාදන අඩු කරමු. එවිට අපට නැවත සෑම දෙයක්ම ලබා ගත හැකියි" ඔහු පැවසීය.
කෙසේ වෙතත් හැන්කොක්ගේ ප්‍රකාශය තුළ කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයක් බ්‍රිතාන්‍ය රජය අනුගමනය නොකරන බවට ඉඟි කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කර තිබුණි.
නමුත් ඔහුගේ ප්‍රකාශයට සහාය දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද වාර්තාකරුවෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ, "නියමිත වේලාවට කොවිඩ් -19 කියන්නෙ, අප සරලව ජීවත් වන දෙයක් බවට පත්වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. සමහර අය අනෙක් අයට වඩා අවදානමට ලක්වනු ඇති. එය නොවැළැක්විය හැකියි" යනුවෙනි.
බ්‍රිතාන්‍යයේ මිලියන 14 කට අධික පිරිසකට දැන් එන්නත ලබා දී ඇති අතර, සිකුරාදා එරට R අගය හෙවත්, කොරෝනා වෛරසයේ ප්‍රජනන අනුපාතය ජූලි මාසයෙන් පසු ප්‍රථම වරට 1කට වඩා පහත වැටී තිබුණි.