ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසා සිටියේ කොරෝනා සම්ප්‍රේෂණයේ උපරිම මට්ටම කරා පැමිණ නැති අතර, ඒ පිළිබඳ නිශ්චිත අනාවැකියක් කිව නොහැකි බවයි.
"අප මේ කතා කරන මොහොතේදීත් මධ්‍යම හා දකුණු ඇමෙරිකාව මේ වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ දැඩි කලාප බවට පත්ව ඇති බව මට නිසැකවම සඳහන් කළ හැකියි."
"තවද අපි එම සම්ප්‍රේෂණයේ උපරිම මට්ටමට පැමිණ ඇති බව මම විශ්වාස කරන්නේ නෑ. මේ අවස්ථාවේදී ඒ දිනය කවදාදැයි අනාවැකි පැවසීමටද නොහැකියි." යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.