බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 1,262ක් වාර්තා කර ඇති අතර, එය රටපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 31,199ක් දක්වා ඉහළ දමා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එම කාලය තුළම රට තුළ නව වෛරස ආසාදිතයන් 28,936ක් වාර්තා වී ඇති අතර එමගින් රටේ මුළු ආසාදිත සංඛ්‍යාව 555,383ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය මෙන්ම එරට සෑම ප්‍රදේශයක් යා කරන කේන්ද්‍රස්ථානය වන සාඕ පෝලෝ ප්‍රාන්තයද පසුගිය පැය 24 තුළ වෛරස් ආශ්රිත මරණ 327ක් වාර්තා කළ අතර එහි සමස්ත මරණ සංඛ්‍යාව 7,994ක් විය.