එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලතින් ඇමෙරිකාවේ සහ කැරීබියානු දූපත්වල මිලියන 13.7 ක ජනතාවකට දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දිය හැකි බවයි.
රැකියා අවස්ථාවක් ලබාගැනීමේ දුෂ්කරතාව සහ ආර්ථිකයන් පහත වැටෙත්ම 2020 දී මේ වනවිටත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 3.4ක් බව ගණන් බලා ඇති, WFP එම අගය වසර අවසානය වනවිට සිව්ගුණයකින් වැඩිවිය හැකි බව සඳහන් කරයි.
සංක්‍රමණිකයන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බව පවසන WFP විසින්, කොලොම්බියාවේ, ඉක්වදෝරයේ සහ පේරු හි වෙනිසියුලානු සංක්‍රමණිකයන් අතර දැඩි ආහාර අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බවත්, එය 540,000 සිට මිලියනයකට වඩා වැඩි විය හැකි බවත් කියයි.
එමෙන්ම පාසල් වසා දැමීම් හේතුවෙන් ළමයින්ට දිවා ආහාරය නොලැබීම සහ ආසන්න වන සුළි කුණාටු සමයද කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ගේ ප්‍රමාණයට බලපානු ඇතැයි WFP වැඩිදුරටත් පවසයි.