මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන් වියේ පසුවන ළමයින්ට සහ කුඩා දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කරයි.
ඒ අනුව කියුබාවේම සංවර්ධිත සොබෙරනා-2 එන්නත සැප්තැම්බර් 3දා සිට වයස අවුරුදු 2 සිට 18 දක්වා වූ සියලුම දරුවන්ට ලබාදීම ආරම්භ කරන අතර, මෙය මාත්‍රා දෙකක එන්නතක් බව සඳහන් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනී ඉලියානා මොරාලෙස් සුවාරෙස් උපුටා දක්වමින් එරට මාධ්‍ය කියා සිටියේ දහස් ගණන් පවුල් පදනම් කරගත් පවුල් සෞඛ්‍ය සේවා හා සායනවල පැවැත්වෙන මෙම එන්නත්කරණ ව්‍යාපාරය විවිධ ළමා රෝග සඳහා වාර්ෂික දරුවන්ට එන්නත් ලබාදීම හා සමානව කඩිනමින් සිදුකරන බවයි.
බාලවයස්කරුවන් තුළ සිදුකළ එන්නත අත්හදා බැලීම්වලදී මෙම එන්නත ආරක්ෂිත බව සොයාගෙන ඇති අතර එය වැඩිහිටියන්ටත් වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබාදී ඇති බවද කියයි.
කියුබාව වසංගතයට මුහුණදීම සඳහා සතිපතා රටේ නායකයන් හා විද්‍යාඥයන්ගේ එක්වීමෙන් පවත්වන රැස්වීමේදී මෙම තීරණය නිවේදනය කර ඇති අතර, දැනට ඩෙල්ටා ප්‍රභේදය නිසා තරුණ ජනගහනයට සහ සෞඛ්‍ය පද්ධතියට ඇතිවී තිබෙන පීඩනය කඩිනමින් වළක්වා ගැනීම මෙහි අරමුණ වී තිබේ.
පසුගිය සතිය තුළ කියුබාවේ සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 6,500 ත් 7,000ත් අතර සංඛ්‍යාවක් සහ මරණ 70 සිට 80 දක්වා වාර්තා වුවත් පෙර තත්ත්වයන්ට වඩා එහි යම් අඩුවීමක් පෙන්වන බව කියයි.
කියුබානු එන්නත් දෙකම 90%කට වඩා වැඩි කාර්යක්ෂමතාවක් වාර්තා කර ඇති අතර හදිසි අවස්ථා භාවිතය සඳහා ප්‍රාදේශීය නියාමකයන් විසින් අනුමත කර ඇත. මේ වනවිට මේ වනවිට කියුබාවේ මිලියන 11.3ක ජනගහනයෙන් 50%කට පමණ අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇති අතර මිලියන 3.5කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත.