චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත පෙරේදා (30දා) බොලිවියාවේ තුන්වැනි විශාලතම නගරය වන කොචබම්බා වෙත පැමිණ තිබේ. බොලිවියානු නිලධාරීන් සහ රටේ චීන තානාපතිවරයා මෙම එන්නත් තොගය භාරගෙන ඇත.
බොලීවියාවේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ජේසන් අවුසා පින්ටෝ කියා සිටියේ චීනය විසින් ලබාදුන් එන්නතට ස්තූතිවන්ත වෙමින් පෙබරවාරි මාසයේදී රට විසින් විශාල වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි. නව එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් සමූහයක් ඊයේ (31දා) රාත්‍රියේ කාම්බෝජයට පැමිණි අතර, දෙරටේ නිලධාරීන් සහභාගී වූ පිළිගැනීමේ උත්සවයකදී එන්නත් තොගය භාරගැනීම සිදුවිය.
වසංගතයට එරෙහි තම රට සිදුකරන සටනේදී මෙම එන්නත විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය තේ බන් විසින් චීනයට කාම්බෝජයේ ස්තූතිය පුද කළේය. චීන තානාපති වැන්ග් වෙන්ටියන් පැවසුවේ චීනය කාම්බෝජ රජය සමග වෛරසය තුරන් කිරීම සඳහා කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
පාකිස්තාන රජය ඊයේ (31දා) පස්වරුවේ චීනයෙන් මිලදී ගත් කොවිඩ්-19 එන්නත් තොග දෙකක් භාරගත් අතර, දෙරටේම නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චීනයේ කැන්සිනෝ සහ සීනොෆාම් විසින් මෙම නැව්ගත කිරීම් දෙක පිළිවෙලින් අඟහරුවාදා රාත්‍රී සහ බදාදා දින මෙලෙස පාකිස්ථානය වෙත ළඟා විය.