නව කොරොන වෛරසයට එරෙහිව කාම්බෝජය සිය ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරය ඊයේ (10දා) දියත් කළ අතර, අගමැති හුන් සෙන්ගේ වැඩිමහල් පුත් හුන් මැනෙට් චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත එන්නත ලබාගත් පළමු පුද්ගලයා බවට පත්විය.
චීනයේ එන්නත් විශ්වාස කරන බවත්, ප්රමුඛ කාර්යභාරයක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ ඔහු, එන්නත් ලබා ගන්නා බවට සහතික වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
චීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.