ඕක්ලන්ඩ් හි අගුලු දැමීම් ඇතුළුව නවසීලන්තයේ කොවිඩ්-19 සීමා කිරීම් අද (16දා) සමාලෝචනය කරන බව අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (15දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් වැසියන් මිලියන 2 කට ආසන්න පිරිසකට සඳුදා සිට දින තුනක අගුලු දැමීමක් අගමැතිනිය විසින් නියෝග කළ අතර, පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට බල කෙරුණි. නව කොවිඩ්-19 සිද්ධීන් තුනක් අනාවරණය වීමෙන් පසුව රටේ සෙසු ප්‍රදේශ 2 වැනි මට්ටමේ සීමාවන් පනවා තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව එක්සත් රාජධානියේ ප්‍රථම වරට හමු වූ අතිශයින්ම බෝවන ප්‍රභේදය මෙම ප්‍රජා සම්ප්‍රේෂන අවස්ථා තුනට සම්බන්ධ බව ජාන විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මේ අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත රට තුළට පැමිණ ඇති බවත්, මේ වනවිට එන්නත ලබාදීමේ කාලසටහනෙහි කිසිදු වෙනසක් අපේක්ෂා නොකරන බවත් ආර්ඩේන් මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් පැවසීය.