ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් ඇතැම් සත්ත්ව ප්‍රජාවන් ඉහළ භූමි කරා ඇදී යාමත් සමග, මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රහස්පතින්දා සිට වැසි ජලය හේතුවෙන් යම් ගංවතුර තත්ත්වයක් පැවතියද, සෙනසුරාදා වේල්ලක් පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර ඉහළ යෑමෙන් දැඩි අර්බුදයකට ලක්විය.
සඳුදා නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවලින් පුද්ගලයින් 18,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවයි.