ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.
ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පැවසුවේ සෞඛ්‍ය පද්ධතිය ස්ථිර අර්බුද චක්‍රයකට ඇදවැටීමේ අවදානමක පවතින බවයි. එහිදී අගුලු දැමීමේ නීතිය ලිහිල් වන විට රෝහල්වල කාර්ය මණ්ඩල මට්ටම අපේක්ෂිත ඉහළ යාමකට ඔරොත්තු දිය හැකිදැයි පරීක්ෂා කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කරයි.
රට නැවත විවෘත කිරීම සඳහා සම්පූර්ණ එන්නත් කිරීමේ මට්ටම 70% -80% දක්වා ළඟාවන විට රට නැවත විවෘත කිරීමේ සැලැස්තමකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මුලදී එකඟ විය. නමුත් ඇතැම් ප්‍රාන්ත තවමත් විවෘත කිරීමේ සැලසුම් කෙරෙහි අවධානය යොමුකර නැත. මේ තත්ත්වය තුළ එරට වෛද්‍ය සංගමය පවසන්නේ අවදානමට පෙර සූදානම වැදගත් බවය. එසේම මේ දක්වා සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාදී ඇත්තේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් 36%ක් තරම් ඉතා අඩු ප්රතිශයතයකට වීමද මතභේදයට තුඩුදී තිබේ.