ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන වික්ටෝරියා ප්‍රාන්තය, වසරකට වැඩි කාලයක් තුළ දේශීයව තහවුරුකර ගත් දෛනික ආසාදිතයන්ගේ වැඩිම අගය වාර්තා කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය පැවසුවේ ගතවූ පැය 24 තුළදී දේශීයව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 450ක් බවයි. එය 2020 අගෝස්තු 8න් පසුව දෛනිකව වාර්තා වූ විශාලතම එක් දින වැඩිවීම බව කියයි.
වසර ගණනාවක සිට රටේ ආර්ථිකය තවදුරටත් අවපාතයට තල්ලු කිරීමට තර්ජනය කරන ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කර ගැනීමට ඔස්ට්‍රේලියාව දැඩි උත්සාහයක් දරන අවස්ථාවේදී මෙසේ ආසාදිතයන් ඉහළ ගොස් තිබේ.