ඔස්ට්‍රේලියාවේ තුන්වැන වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තයේ කොවිඩ්-19 පොකුරක් හමුවීමත් සමග ප්‍රාන්තය හදිසි අගුලු දැමීමක් වෙත යන බව පවසා තිබුණත්, එය ඉදිරි දින කිහිපයේදී හමුවන ආසාදිතයන් අනුව තීරණය වන බව කියයි.
මිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක් මෙසේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගෙන තිබේ.
"අපි ආසාදිතයන්ගේ වැඩිවීමක් දැකීමට පටන් ගත්තොත්, අපට ඉතා ඉක්මන් හා වේගවත් ක්‍රියාමාර්ග ගැනීමට සිදු විය හැකියි. නමුත් මේ මොහොතේ එය එක් පවුලකට පමණක් සීමා වී තිබෙනවා" යැයි ප්‍රාන්ත මහ ඇමති ඇනාස්ටේෂියා පැලස්චුක් පැවසීය.