සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගත් චිලී ජාතිකයන් කෑකෝ ගසමින්, නර්තනයේ යෙදෙමින් හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක ප්‍රසංගයක් පැවැත්වීම ආරක්ෂිත දැයි බැලීමේ පර්යේෂණ මාලාවක් සිදුකරමින් සිටියි.
ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් චිලී ජාතිකයන් කොවිඩ්-19 ව්‍යාප්තියකින් තොරව සංගීත සංදර්ශන වැනි ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ප්‍රසංග හා වැඩසටහන් ආරක්ෂිතව නැවත ආරම්භ කළ හැකිදැයි බැලීමට සිදුකරන සායනික පරීක්ෂණ ප්‍රසංග මාලාවේ පළමුවැන්න සඳහා සහභාගී වී ඇත.
චිලී සංගීත සහ රංගන ශිල්පීන්ගේ සංගමය සහ චිලී විශ්ව විද්‍යාලය විසින් අනුග්‍රහයෙන් මෙම අධ්‍යයන සිදුවන අතර, එවැනි ප්‍රසංගවලදී වෛරසය බෝවන අවදානම් තක්සේරු කිරීම සහ වසංගතයෙන් හා දීර්ඝ අගුලුදැමීම්වලින් පසු සජීව සංගීත කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව එරට රොක් සංගීත කණ්ඩායමක් වන චංචෝ එන් පීඩ්රා විසින් ඉදිරි මාස තුන තුළදී සැන්ටියාගෝ අගනුවර හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක පුද්ගලයන් 200ක් බැගින් සහභාගී වන ප්‍රසංග තුනක් මෙම අධ්‍යයනය වෙනුවෙන් පවත්වයි.
එහිදී ප්‍රසංගයට සහභාගී වීමට පෙර එන්නත ලබාගත් බවට සාක්ෂි සහ PCR පරීක්ෂණයක්ද සිදුකළ යුතු අතර, මුඛ ආවරණ පැලඳ ප්‍රසංගයට සහභාගී වීය යුතුය. එසේම ප්‍රසංගයෙන් දින 8කට පසුව නැවත PCR පරීක්ෂණයක් සිදුකළ යුතුය. මෙම පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.