වසංගතය හමුවේ කොවිඩ්-19 එන්නත්, අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් තීරණාත්මක සැපයුම් ලොව පුරා බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය වශයෙන් ප්රමුඛ ගුවන් සමාගම් සමග හවුල්කාරීත්වයක් ඇති කරගෙන තිබේ.
අනාගත මානුෂීය හා සෞඛ්‍ය අර්බුද සඳහා ගෝලීය සැපයුම් සූදානම් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන 'මානුෂීය ගුවන් ගමන් මුලපිරුම' සඳහා සහාය දැක්වීම සඳහා ගුවන් සමාගම් 10කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සමග ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කර ඇත.
"මේ ජීවිතාරක්ෂක එන්නත් ලබාදීම ඉතා වැදගත් හා සංකීර්ණ කටයුත්තක් වන අතර එය ප්‍රවාහනය කළ යුතු පරිමාව, සීතල දාම අවශ්‍යතා, අපේක්ෂිත බෙදාහැරීම් ගණන සහ මාර්ගවල විවිධත්වය සැලකිල්ලට ගෙන මේ මුල පිරීම සිසුකළා" යැයි යුනිසෙෆ් සැපයුම් අංශයේ අධ්යක්ෂ එලේවා කඩිලි පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුවාද දෙකම හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කොළ එළි දල්වා දිනකට පසුව මෙම වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවෙයි.
ඒ අනුව රටවල් 100 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන ගුවන් සමාගම් කොවිඩ්-19 එන්නත් වලට සමානව ප්‍රවේශ වීම අරමුණු කරගත් ගෝලීය උත්සාහය වන COVAX පහසුකම සඳහා සහාය වනු ඇත. වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමුකර ඇති පසුබිමක මෙය වඩාත් කාලෝචිත පියවරකි.