කොවිඩ් -19 ට එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට රැකියා අහිමිවිය හැකි බව වතිකානුව එහි වෘත්තිකයන්ට දන්වා තිබේ.
වතිකානුවේ ආණ්ඩුකාර කාදිනල් ගුසෙප් බර්ටෙලෝ විසින් අත්සන් කරන ලද නියෝගයකින් කියැවෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය හේතු නොමැතිව එන්නත ප්‍රතික්ෂේප කරන එහි සේ වෙනත් ස්ථානයකට මාරු කීරීම හෝ ඔවුන්ගේ සේවය අවසන් කිරීම විය හැකි බවයි.
පෙබරවාරි 8 වැනි දිනැති මෙම නියෝගයෙන් 2011 වතිකානු නීතියක් සඳහන් වන අතර, එය වැළැක්වීමේ සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකිරීම ප්‍රතික්ෂේප කරන සේවකයින්ට වැඩ කොන්ත්‍රාත්තුවට බාධා කිරීම ඇතුළු විවිධ මට්ටම්වල ප්‍රතිවිපාකවලට යටත් විය හැකි බව පවසයි.
කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.
එහිදී එන්නත ලබාගෙන ඇති පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාද එන්නත් සඳහා පක්ෂව ප්‍රසිද්ධියේ කතා කර ඇත.
"සදාචාරාත්මකව සෑම කෙනෙකුම එන්නත ගත යුතු බව මම විශ්වාස කරනවා. එය විකල්පයක් නොවෙයි. එය සදාචාරාත්මක තේරීමක් වන්නේ ඔබ ඔබේ සෞඛ්‍යය සමග, ඔබේ ජීවිතය සමග යම් සූදුවක නියැලී සිටින නිසාත්, ඔබ අන් අයගේ ජීවිත සමගත් සූදුවක නියැලෙන නිසාත් බව තේරුම්ගත යුතුයි."