'එන්නත් ජාතිකවාදය' පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.
එන්නත් 'ගෝලීය මහජන යහපතක්' ලෙස සලකන ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා නැවත වරක් කියා සිටියේ පෘථිවියේ සෑම තැනකම, විශේෂයෙන් අප්‍රිකාවේ සෑම කෙනෙකුටම එය ලබාගත හැකි විය යුතු බවය. ලෝකයේ දුප්පත්ම ජනතාව සඳහා කොරෝනා වෛරස එන්නත් මිලදීගෙන බෙදාහැරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන සඳහා ඉදිරි මාස දෙක තුළ ඔහු ඇ.ඩො.බිලියන 4.2ක අරමුදල් ඉල්ලා සිටියේය.
අප්‍රිකානු සංගමය සමග එක්සත් ජාතීන්ගේ අතථ්‍ය රැස්වීමකින් පසු ගුටරෙස් ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ අප්‍රිකාවේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශවල එන්නත් සහතික කිරීම සඳහා ඇති එකම ක්‍රමය COVAX සඳහා අමුදල් සැපයීම බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පසුගිය සතියේ COVID-19 පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී කියා සිටියේ වසංගතය අවසන් කිරීම සඳහා වූ උමග අවසානයේ ආලෝකය ක්‍රමානුකූලව දීප්තිමත් වන බවය. එහෙත්, එන්නත් ගෝලීය පොදු භාණ්ඩ ලෙස සමානව බෙදාගත යුතු අතර, අසමානතාවයන් පුළුල් කරන සහ සමහර පුද්ගලයින් අතහැර දමා ඇති තවත් හේතුවක් බවට පත්වන පුද්ගලික වෙළෙඳ භාණ්ඩයක් බවට එය පත් නොවිය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.
එක්සත් රාජධානිය සහ රුසියාව මේ වනවිටත් නව කොරෝනා වෛරසයට එරෙහිව මිනිසුන්ට එන්නත් ලබාදීම ආරම්භ කර ඇත. එක්සත් ජනපදයේ, ෆයිසර් එන්නත ඉදිරි දිනවලදී හදිසි භාවිතය සඳහා හරිත එළියක් ලබාදී ඇති අතර ඉදිරි සතිවලදී මෝඩර්නා එන්නත ඔවුන් අනුමත කරනු ඇත. කැනඩාව ෆයිසර් එන්නත අනුමත කරන බව බදාදා නිවේදනය කළේය.
ගුටරෙස් පැවසුවේ අප්‍රිකාවේ රටවල් 54ක කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් මිලියන 2.2 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර කොවිඩ්-19 මගින් 53,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.
"එන්නත් - වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමග එක්ව වසංගතය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇතැයි සැබෑ බලාපොරොත්තුවක් පවතිනවා" ඔහු පැවසීය. එහෙත් එය අවසන් කිරීම සඳහා එන්නත් සියල්ලන්ටම ලබාගත යුතු වුවත්, බොහෝ අප්‍රිකානු රටවලට අර්බුදයට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට මූල්‍ය පහසුකම් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අප්‍රිකානු මහාද්වීපයේ නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම ලබන වසරේ දෙවැනි කාර්තුව දක්වා ආරම්භ නොවිය හැකි බව අප්‍රිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්යක්ෂ ජෝන් නෙන්ගසොං නොවැම්බර් අගදී පැවසීය.
කෙසේ වෙතත් ගුටෙරෙස් පැවසුවේ දෙවැනි කාර්තුවට පෙර අපට එය කළ හැකි වනු ඇතැයි යන්න තමාගේ බලාපොරොත්තුව බවය. නමුත් අද දකින දෙය නම් රටවල් කිහිපයක් පමණක් ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට පමණක් දැවැන්ත උත්සාහයක් පමණක් බවද ඔහු කියා සිටියේය.
"එන්නත් කිරීමේ ජාතිකවාදය පූර්ණ වේගයෙන් ගමන් කරන බව අපට පෙනෙනවා. අප්‍රිකාවට නිසි ලෙස සහාය නොදක්වන්නේ නම්, අපට වසංගතයට එරෙහිව සටන් කිරීමට නොහැකි වනු ඇති. COVAX සඳහා ඉදිරි පෙළ එන්නත් කිහිපයක් පවතිනවා. මූල්‍යකරණය සහතික වුවහොත් ඒවා ලබා දිය හැකියි." ඔහු වැඩිදුරටත් පැවසීය.