එන්නත් ජාතිකවාදය ප්‍රතික්ෂේප කළ යුතු අතර, සාධාරණව එන්නත් බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමත් සහ විශේෂයෙන් ගැටුම් ඇති රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා ලබාගත හැකි සහ දැරිය හැකි මිලකට ලබාදීමට ලෝකය එක්විය යුතු බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.
කොවිඩ්-19 එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (17දා) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අතථ්‍ය රැස්වීමකදී සහභාගී වෙමින් වැන්ග් මෙසේ අදහස් දක්වා තිබේ.
කොවිඩ්-19 ට එරෙහි සටනේදී ජනතාවට මුල් තැන දීම සහ ගෝලීය සහයෝගීතාව ඉහළ නැංවීම, එක්සත් ජාතීන්ගේ යෝජනාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ වසංගතයට එරෙහිව සටන් කිරීම, එන්නත් හිඟය විසඳීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර වැඩි කිරීම සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතියේ කාර්යභාරය සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට වැන්ග් යෝජනා කළේය.
එහිදී, කොවිඩ්-19 එන්නත් සාධාරණ ලෙස බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, කොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසි විටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසි විටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා COVAX සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දීමට චීනය තීරණය කර ඇතැයි පැවසූ වැන්ග්, ඔවුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් පරිත්‍යාග කර ඇති අතර, රටවල් 22කට අපනයනය කර හෝ අපනයනය කරමින් සිටින බවද පවසා සිටියේය.