එක්සත් රාජධානියේ කොවිඩ්-19 අනතුරු ඇඟවීමේ මට්ටම පහත හෙළා ඇති අතර, ආසාදිතයන් ඉහළ යමින් එරට සෞඛ්‍ය අංශ කෙරෙහි පැවති තර්ජනය මේ වනවිට පහව යමින් පවතින බව කියයි.
එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම 4 වැනි මට්ටම ලෙස හැඳින්වෙන්නේද ආසාන ඉහළ යෑමේ තත්ත්වයක් වන අතර, එය ඝාතීය තත්ත්වයක් කරා වර්ධනය වීමේ අනතුරු ඇඟවීමකි.
කෙසේ වෙතත් පැවති 5 වැනි මට්ටම යන් මේ සියල්ල අභිභවා එරට සෞඛ්‍ය පද්ධතියම කඩා වැටීමකට ලක්වීමේ තර්ජනයකි.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සිව්දෙනා සහ එංගලන්ත සෞඛ්‍ය සේවයේ ජාතික වෛද්‍ය අධ්යක්ෂවරයා කියා සිටියේ ඒකාබද්ධ ජෛව ආරක්ෂණ මධ්‍යස්ථානයේ උපදෙස් අනුව මෙම මට්ටම පහත හෙලීමට එකඟ වන බවයි.