න්‍යෂ්ටික අවිහරණය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සමග පැවති දීර්ඝ කාලීන ආරවුලක් මධ්‍යයේ උතුරු කොරියාව සති අන්තයේදී නව දිගුදුර කෘස් මිසයිලයක් අත්හදා බැලීම් සිදුකළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළම සිදු කරන ලද මෙම පරීක්ෂණ දියත් කිරීම් ඉහළ පෙළේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලද අතර පරීක්ෂණ සාර්ථකව සිදුකළ බව සඳහන් වේ.
දීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.
එම වාර්තාවන් විසින් මෙම මිසයිලය ඉතා වැදගත් උපාය මාර්ගික ආයුධයක් ලෙස හැඳින්වූ අතර, සමස්තයක් වශයෙන් ගත්විට උතුරු කොරියානු යුද ආයුධ පද්ධති ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව සහ ප්රායෝගිකභාවයේ විශිෂ්ටත්වය තහවුරු වූ බව සඳහන් කළේය.
මෙම මිසයිල අත්හදා බැලීම් මාර්තු මාසයෙන් පසු උතුරු කොරියාව එවැනි මිසයිල අත්හදා බැලීමක් සිදුකළ ප්‍රථම අවස්ථාවයි.